Theme Song

පිවිතුරු දෙස බස රැස රකිනා
දොරින් දොරට මිතු දම් සදනා
ගොවිබිම් කම්හල් නුඹ සිඹිනා
එකමුතු රන් දමකින් බදිනා
ප්‍රාදේශීය සභාවයි

මහරට රන් වන් කෙත් සදනා
නැණ ගුණ බල මනු දම් රකිනා
පන්සල කෝවිල පල්ලිය ළග රැදුනා
සන්සුන් සිත් හැම සදහම් රස රැදුනා
එක ධජයක් යට.........

සොයුරු දමින් බැදුනා
ප්‍රාදේශීය සභාවයි
මහරට රන් වන් කෙත් සදනා
වැඩ බිම් ජන ජවයෙන් පිරුණා
ජනහිත සිත හසරැල් අරුණළු පිරුණා
නැවුම් හෙටක් පිරි අලුත් රටක් මවනා
මහරට රන් හිරු සදාකල්හි රදනා
ප්‍රාදේශීය සභාවයි…..
මහරට රන් වන් කෙත් සදනා.