ප්‍රදේශයේ ජනතාව දැනුමෙන් පොහොසත් කොට ස්ව-ශක්තියෙන් නැගී සිටීමට බල ගැන්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම.
දැනුම පිපාසාවෙන් පෙළෙන පාඨක ජනතාව වෘත්තීය නිමිවලලු සිසාරා යන පරිදි දැනුමෙන් පිරිපුන් රටක සහ සමාජයක වැඩදායී පිරිසක් බවට පත් කිරීමේ ක්‍රියා මාර්ගයට දෙමාපියන්, ළමයින්, ඇතුළු පොදු ජනතාව දැනුවත් කිරීම අපගේ මෙහෙවරයි.
දෙල්ගොඩ ගිහිනි පෞද්ගලික ආයතනය මඟින් දරුවන්ගේ හසුරු කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කරන ලද ළමා උපකරණ පරිත්‍යාග කිරීම මෙදින සිඳුවිණි.
පුස්තකාල සවංක්රීය කරණය ද නව පුස්තකාලය විවෘත කිරීම සනිටුහන් කරමින් මහර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිනි සුදීමා චාන්දනී මැතිණිය හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ගරු සහන් ප්‍රදීප් මැතිදුන්ගේ සුරතින් මෙසේ සිඳුවිණි. මේ සඳහා රුහුණු ක්‍රියේෂන්ස් ආයතනය වීරසූරිය මහත්මා විසින් ප්රඡාසංවර්ධන නිලධාරී මනෝජ් අභයසේකර මහත්මා සම්බන්ධිතව මහර ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන මුදලින් සිදුකරණ ලදී.
මහර ප්‍රාදේශීය සභාවේ උඩුපිල මහජන පුස්තකාලය මිහිරි පාඨක සමාජයෙන් උඩුපිල නව පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරිම හා ජනතා අයිතියට පත්කිරිම සනිටුහන් කරමින් මිහිරි පාඨක සමාජයෙ අරම්භක ගරු සභාපති කවිඳු සුභාෂ් පුතුණුවන් වසර ගණනාවක් පුරා සභාපතිත්වය උසුළමින් විවිධ වැඩසටහන් සඳහා දායකත්වය ලබාදෙමින් මෙම ගොඩනැගිල්ල ලබා ගැනීමට අප සමඟ ක්‍රියාකිරීම හා ඔහු 2022 වර්ෂයේ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ගෝල්ඩ් සම්මායෙන් පිඳුම් ලැබීම වෙනුවෙන් පුස්තකාලයාධිපතිවන මා විසින් මාගේ හිතවතුන්ගේ දායකත්වයෙන් මෙම ගෞරවණිය උපහාරය මහර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිණිය සුරතින් පිරිනැමූ වඟයි.
ජාතික කියවීමේ මාසය අර්ථ ගන්වම්න් නව ගොඩනැගිල්ලට පිවිසීම අරමුණකරගනිමින් 2023 වර්ෂයට අදාලව පෙරපාසල් පුස්තකාල ජංගම සේවය ක්‍රියාත්මක කිරිම... උඩුපිල ෆියුචර් වින්ග්ස් පෙරපාසලේ දුවා දරුවන් 60 දෙනෙකු සඳහා පුස්තකාලය පිළිබඳව අවබෝධයක්, සමඟින් නොමිලේ සාමාජිකත්වය මාර්තු මස පාසල් යන දුවා දරුවන්ට ලබාදී ,ජංගම පොත් සේවය ඉතිරි දරුවන්ට ලබා දීම,කතන්දර පැය සිදු කිරීම ... කාර්යය භාර නිලධාරී උදයන්ත දයාරත්න මහතා,ප්රජාසංවර්ධන නිලධාරී මනෝජ් අබේසේකර මහතා ,සම්පත් දායකත්වය ප්‍රාථමික පාසල් ආචාරිණි සුනේත්‍රා චන්ද්‍රානි මහත්මිය සහභාගී විණි.
මෙම වැඩසටහනින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරීමට අවස්ථාව සලසයි.
සම්පත් දායිකා ප්‍රාථමික ගුරු ආචාරිනි සුනේත්‍රා චන්ද්‍රානි මහත්මිය විසින් අප පුස්තකාලට හා පෙරපාසලට විශාල ප්‍රමාණයේ වයිට් බෝර්ඩ් 02 ක් පරිත්‍යාග කරණු ලැබිණි.
මෙම වැඩසටහනින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරීමට අවස්ථාව සලසයි.