ලේකම්තුමියගේ පණිවිඩය

රාජකාරිමය සබඳතාවයන්ට අනුව ජනතාවට සෘජුවම බලපාන සේවාවන් ලබා දීම වෘත්තීමය කටයුත්ත වන්නේ නම්, එය ඉතාම සතුට මෙන්ම, ජීවයෙන් යුතුව එම කාර්යයේ නියැලීමට සිත ධෛර්යය කරවන්නකි. එම අධ්‍යාත්මික වූ අනුහස සමගින්, මහර ප්‍රාදේශීය සභාවේ, බදු ගෙවන ජනතාවගේ යන පැවැත්ම සඳහා වන ක්‍රියාන්විතයට සම්බන්ධවීම ලැබීම ඉමහත් සතුටට පත් කරුණක් වූ බවට ප්‍රකාශ කරමි.
රටට අවැසි යහපත් පුරවැසියකු බිහිකිරීමේ පළමු පියවර වශයෙන්, මාතෘ සායන පහසුකම් සැපයීම් හා මුල් ළමාවිය සංවර්ධනය, ඉතාම වැදගත්ම වූ කටයුතු පැවරෙන මහජන සෞඛ්‍ය කටයතු සඳහා වන අධිකාරිය අප ප්‍රාදේශීය සභාව සතු වැදගත්ම වගකීම වන අතර, එතැන් සිට ජනතාවගේ සුඛ විහණය, පහසුව, සුබ සාධනය පොදු උපයෝගිකා සේවාවන්, මංමාවත්, විදුලි ආලෝකකරණය ඇතුළු සියළු පහසුකම්, නිවැරදි කළමණාකාරිත්වකින් යුතුව පවත්වාගෙන යාමේ වගකීම නිසිලෙස හඳුනාගන,සාර්ථක සේවාවක් ලබා දීම සඳහාවන උතුම් කටයුත්තකට ඉක සිතින්ම දායක වෙමි.

ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් හා මඟපෙන්වීම අනුව, ක්‍රියාත්මක කිරීමට නියමිත ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට අනුව එය දැවැන්ත ක්‍රියාන්විතයකි. ජනතාවගේ සමාජ හැසිරීම පිළිබදව මෙන්ව රාජ්‍ය සේවයකයන්ගේ ආචාරධර්ම පිළිබදවද යහපත් පරිවර්තනයක් සිදුකිරීම හරහා සමස්ත සමාජ දේහයම ආවරණය වන පරිදි සිදුවන ජාතික මෙහෙහුමක් දියත් කිරීම තුළින් පාරිසරික ආර්ථික, සමාජයීය තිරසාරභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා වන දැවැන්ත කාර්යභාරය, සාර්ථක කර ගැනීමටත්, එහි ඉහළම ප්‍රතිලාභයන්, අප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ලැබෙන පරිදි කටයුතු කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් යුතුව දායකත්වය පිරි නමමි.
මෙම බහුවිධ කාර්යයන් එක්තැන් කරමින්, මහර ප්‍රාදේශීය සභාව වඩා සංවර්ධනීය වූ මාවතකට මෙහෙයවීම මා සතු ප්‍රධානතම වගකීම ලෙස සලකා කටයුතු කිරිමට කැපවෙන අතර, එම කටයතු සාක්ෂාත් කරගැනීම සදහා, කාර්ය මණ්ඩලය මෙන්ම, මහජනතාවගේ සහයෝගයද නොඅඩුව ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.
එමෙන්ම මහර බල ප්‍රදේශයේ ජනතාවටත්, අප හා සම්බන්ධවීමට අපේක්ෂා කරන ආයතන හා පුරවැසියන්ට මහර ප්‍රාදේශීය සභා වෙබ් අඩවියට පිවිසෙන ලෙසට මා ඉතා ගෞරවයෙන් ආරාධානා කර සිටිමි.
එල්.ඒ මංජුලා සමන්ති,
ලේකම් හා ප්‍රාදේශිය සභාවේ බලතල,
කාර්ය, කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී,
මහර ප්‍රාදේශිය සභාව.
2025-01-02