භෞතික පිහිටීම

අගනුවරට තදාසන්නව පිහිටා ඇති මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ගෙන් මහර ප්‍රදේශය බෙහෙවින් නාගරීකරණය වෙමින් පවතී. නාරංවල හා ඌරුවල්පේරුව ප්‍රදේශ අර්ධ නාගරික හා ග්‍රාමීය ලක්ෂණ වලින් හෙබි ප්‍රදේශවලින් සමන්විතය. මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ උතුරු මායිම් ලෙස වත්තල ප්‍රාදේශීය සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාව දැක්විය හැකි අතර, දකුණින් කැළණිය ප්‍රාදේශිය සභව, බියගම ප්‍රාදේශීය සභාව සහ දොම්පේ ප්‍රාදේශීය සභාව බටහිරින් කැළණිය ප්‍රාදේශීය සභාව හා වත්තල ප්‍රාදේශිය සභාව මායිම් වන අතර, නැගෙනහිරට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව හා දොම්පේ ප්‍රාදේශීය සභාව මායිම් වේ.


පරමාර්ථ ප්‍රකාශය

මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි ප්‍රාදේශීය බල මණ්ඩලය මහර ප්‍රාදේශීය සභාවයි. මහජන සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාම, පොදු මංමාවත් පිළිබද සියළු කටයුතු විධිමත් කිරීම, ප්‍රදේශයේ අලංකාරය ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම හා පාලන පරිපාලන කටයුතු කිරීම මෙම සභාව වෙත පැවරී ඇති කාර්යයන් වේ.

01. ප්‍රාදේශීයසභා පනත අනුව පැවරී ඇති ලිඛිත නීති වල විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම.
02. බෝවෙන රෝග සහ වසංගත ඇතිවීම වැලැක්වීමට පියවර ගැනීම.
03. නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වා ගෙන යාම.
04. අනතුරුදායක හා අප්‍රසන්න වෙළද ව්‍යාපාර විධිමත් කිරීම හා පාලනය කිරීම.
05. විකිණීමට තබා ඇති ආහාර ද්‍රව්‍ය පිළිබද තත්ත්ව පාලනය ඇති කිරීම.
06. මහා මාර්ග,කාණු,පදික වේදිකා,බෝක්කු, දිය අගල් ආදිය ඉදි කිරීම හා නඩත්තු කිරීම.
07. ගොඩනැගිලි හා ස්ථිර ඉදි කිරීම් විධිමත් කිරීම හා පාලනය කිරීම.
08. පොදු වෙළදපලවල් පිහිටුවා පවත්වා ගෙන යාම.
09. වීථි ආලෝක සැලසීම.
10. සුසාන භූමි පවත්වා ගෙන යාම.
11. උද්‍යාන හා එළිමහන් ස්ථාන පවත්වා ගෙන යාම.
12. පුස්තකාල පවත්වා ගෙන යාම.
13. ළදරු පාසල් හා ළදරු අධ්‍යාපන සේවා පවත්වා ගෙන යාම.
14. ක්‍රීඩා පිටි ඇති කිරීම හා ඒවා පවත්වා ගෙන යාම.
15. විවිධ කාර්යයන් සදහා අවශ්‍ය අතුරු ව්‍යවස්ථා පැනවීම හා ඒවා ක්‍රියාත්මක කිරීම.
16. පාරිසරික පවිත්‍රතාවය ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යාම.
17. මහජන සුඛ විහරණය සදහා ප්‍රාදේශීය සභා පනතේ ඉඩදී ඇති සීමාව තුළ අවශ්‍ය කටයුතු කිරීම.
18. ප්‍රදේශයේ ජනතාව ගෙවන බදු මුදලේ ප්‍රතිලාභ හැකි උපරිම අයුරින් ආපසු ඔවුන් වෙත ලබා දීම යනාදී සියල්ලන් අරමුණු කොට ඇත.


ග්‍රාම නිලධාරි කොට්ඨාශ ලේඛනය

අනු අංකය ග්‍රාම නිලධාරි වසම අංකය වර්ග ප්‍රමාණය හෙක්ටයාර්
1 සූරියපාළුව උතුර 245 95.12
2 සූරියපාළුව දකුණ 245ඒ 87.09
3 සූරියපාළුව නැගෙනහිර 245බී 120.39
4 කැන්දලිය්ද්දපාළුව නැගෙනහිර 246 184.83
5 කැන්දලියද්දපාළුව 246ඒ 112.36
6 දංගහවෙල 246බී 128.24
7 කැන්දලියද්දපාළුව උතුර 246සී 170.18
8 මහර/නුගේගොඩ/නැගෙනහිර 247 62.57
9 මහර/නුගේගොඩ/බටහිර 247ඒ 59.36
10 මහර/නුගේගොඩ/උතුර 247බී 54.54
11 මහර/නුගේගොඩ/දකුණ 247සීS 136.45
12 ඉහළ කරගහමුණ උතුර 248 125.21
13 ඉහළ කරගහමුණ දකුණ 248ඒ 56.15
14 ඉහළ කරගහමුණ නැගෙනහිර 248බී 65.79
15 පුවක්වැටිය 248සී 62.57
16 පහළ කරගහමුණ උතුර 249 46.51
17 පහළ කරගහමුණ නැගෙනහිර 249ඒ 70.60
18 පහළ කරගහමුණ බටහිර 249බී 89.88
19 නැලිගම 249සී 56.57
20 කිරිමැටියාගාර 251 89.88
21 කෝපිවත්ත 251ඒ 32.57
22 දළුපිටිය නැගෙනහිර 251ඒ 32.57
23 දළුපිටිය බටහිර 252ඒ 96.72
24 දළුපිටිය දකුණ 252බී 57.76
25 නාතුඩුව 253 96.30
26 නාතුඩුව බටහිර 253ඒ 41.70
27 පින්නමැද 255 77.91
28 අක්බාර්ටවුන් 255ඒ 35.27
29 එඬේරමුල්ල දකුණ 255බී 43.30
30 ගොංගිතොට 255සි 49.73
31 පින්නමැද බටහිර 255ඩී 80.24
32 එඬේරමුල්ල නැගෙනහිර 255ඊ 65.79
33 එඬේරමුල්ල බටහිර 255එෆ් 30.45
34 ගොංගිතොට බටහිර 255ජී 30.45
35 අප්පුගේවත්ත 255එච් 184.83
36 නාරංවල 284 118.78
37 අහුගම්මන 284ඒ 170.18
38 නාරංවල දකුණ 284බී 107.54
39 උඩුපිල උතුර 285 292.23
40 උඩුපිල දකුණ 285ඒ 119.21
41 උඩුපිල නැගෙනහිර 285බී 116.00
42 ගෝනහේන නැගෙනහිර 286 136.81
43 ගෝනහේන බටහිර 286ඒ 109.15
44 ඇල්දෙනිය බටහිර 286බී 52.94
45 ඉගෝනහේන උතුර 286සී 65.79
46 ගෝනහේන දකුණ 286ඩී 67.39
47 ඇල්දෙනිය නැගෙනහිර 286ඊ 99.94
48 කිරිල්ලවල 287 99.94
49 රම්මුතුගල 287ඒ 104.75
50 කිරිල්ලවල දකුණ 287බී 112.36
51 කිරිල්ලවල බටහිර 287සී 93.91
52 බුත්පිටිය උතුර 299 59.36
53 බුත්පිටිය දකුණ 300 173.42
54 අරමංගොඩ 301 56.57
55 කහටාන 301ඒ 74.42
56 අරමංගොඩ උතුර 301බී 58.19
57 ඌරුවල බටහිර 302 144.90
58 ඌරුවල නැගෙනහිර 302ඒ 83.38
59 සිව්රළුමුල්ල 303 162.57
60 මාහරගම 303ඒ 95.12
61 කිණිගම 304 143.30
62 කිඹුල්ගොඩ 304ඒ 80.45
63 කිඹුල්ගොඩ 305ඒ 186.66
64 යොන්ගම්මුල්ල 306 163.75
65 පිටුවල්ගොඩ 306ඒ 64.18
66 කදුමුල්ල 307 181.84
67 අඹගස්පිටිය 307ඒ 163.57
68 කිරිල්ලවල උතුර 387ඩී 105.57
69 වෑබඩ උතුර 288 83.88
70 වෑබඩ දකුණ 288ඒ 176.60
71 වෑබඩ බටහිර 288බී 87.39
72 වෑබඩ නැගෙනහිර 288සී 49.30
73 කිරිකිත්ත නැගෙනහිර 289 148.17
74 කිරිකිත්ත ඇටිකෙහෙල්ගල්ල 289ඒ 139.66
75 කිරිකිත්ත උතුර 289බී 77.45
76 ඇටිකෙහෙල්ගල්ල නැගෙනහිර 290 77.45
77 ඇටිකෙහෙල්ගල්ල බටහිර 290ඒ 34.54
78 හේනේගම 291 196.29
79 ගෝනහේන දකුණ 286ඩී 67.39
80 පුවක්පිටිය 292ඒ 124.39
81 විළිඹුල දකුණ 292බී 85.48
82 වරපලාන 294 136.87
83 බටේපොළ 295 69.42
84 බටේපොළ උතුර 295ඒ 133.66
85 අමුණුකුඹුර 296 128.84
86 බලිවිල 296ඒ 125.33
87 අමුණුකුඹූර දකුණ 296බී 82.27
88 මල්වතුහිරිපිටිය 297 118.76
89 මාළිගාතැන්න 297ඒ 102.36
90 පස්ගම්මන 298 50.45
91 නීලමහර උතුර 298ඒ 26.36
92 නීලමහර දකුණ 298බී 38.91

පොදු සංඛ්‍යා ලේඛණ තොරතුරු

පළාත බස්නාහිර
පරිපාලන දිස්ත්‍රික්කය ගම්පහ
මැතිවරණ කොට්ඨාශය මහර
ග්‍රාම නිලධාරි කොට්ඨාශ සංඛ්‍යාව 92
ගම් සංඛ්‍යාව 107
බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි.මි. 98.8
අනුමත සේවක සංඛ්‍යාව 190
ජනගහනය 235433

ආගම අනුව

බෞද්ධ 84.9%
කතෝලික 8.8%
හින්දු 0.6%
ඉස්ලාම් 4.5%
වෙනත් 1.2%

ජන වර්ගය අනුව

සිංහල 93.9%
ලංකා දෙමළ 1.1%
ඉන්දියන් දෙමළ 0.1%
ලංකා යෝනක 2.6%
වෙනත් 2.2%
ජන්ද දායක සංඛ්‍යාව 156277
ජන ගණත්වය 2164.3 ( කි.මි.1 ට)
ගෘහ ඒකක සංඛ්‍යාව 52839
නිවාස ඒකක සංඛ්‍යාව 52358
සාමාන්‍ය උෂ්ණත්වය අවම 22.7 (සෙල්සියස් අංශක )
උපරිම34.3 (සෙල්සියස් අංශක )
වර්ෂාපතනය මි.ලී. 1423
ආදාහනාගාර 04
ඇල්දෙණිය ආදාහනාගාරය 0114930105
එඩේරමුල්ල ආදාහනාගාරය 0114930106
බටේපොල ආදාහනාගාරය 0335673167
කැන්දලියැද්දපාළුව
සේවා ආයුර්වේද බෙහෙත් ශාලා 04
මාතෘ හා ළමා සායන 15
සුසාන භූමි 38
වීථි පහන් 9750 පමණ
පොදු ළිං 100
පුස්තකාල 09
ප්‍රජා ශාලා 54
ක්‍රිඩා භුමි හා ළමා උද්‍යාන 23
ළදරු පාසල් 02
ආදාහනාගාර 04
සභාව සතු සති පොල 03
සභාව සතු නොවන සති පොල 04