සංස්ථාපනය

1987.05.12 දින ප්‍රකාශිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය පරිදි මහර ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කර ඇත. මෙය පෙර පැවති මහර පේරුව, නාරංවල පේරුව හා ඌරුවල්පේරුව යන පළාත් පාලන ආයතන බල ප්‍රදේශ වලින් සමන්විත වන අතර, මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අනුරූපිතව පිහිටා ඇත.

iv. (ආ) කොටස - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 1987.05.12 දින එහි සඳහන් පරිදි

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත නියමය.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 2 වන වගන්තියේ (1) වන උප වගන්තිය සහ 4 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය රණසිංහ ප්‍රේමදාස වන මම මෙම නියමයෙන් -

(1) මෙම උප ලේඛනයේ 1 වන කොටසේ විස්තර කරන ලද එකී පනතේ කාර්ය සඳහා ප්‍රාදේශීය සභා ප්‍රදේශයක් විය යුතු යැයි ප්‍රකාශ කරමි.

(2) එම උප ලේඛනයේ 2 වන කොටසේ දක්වා ඇති සීමා ප්‍රෙද්ශය සභා ප්‍රදේශයේ පරිපාලන සීමා ලෙස නියම කරමි.

(3) මෙම නියමයේ 1 වන ඡේදය යටතේ ප්‍රකාශයට පත්කරන ප්‍රාදේශීය සභා ප්‍රදේශය සඳහා ප්‍රාදේශීය සභාවක් සංස්ථාපනය කොට ඒ ප්‍රාදේශීය සභාවට පහත සඳහන් නාමය පවරමි.

(4) මහර ප්‍රාදේශීය සභාව සභාපතිවරයෙකු, උප සභාපතිවරයෙකු සහ තවත් තෝරා පත්කරගත් සභිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත විය යුතු යැයි නියම කරමි.

1987 මැයි මස 11 වන දින

ආර්. ප්‍රේමදාස

බත්තරමුල්ලේදීය .

පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය.